කරන්දෙණිය – කැබැල්ලගොඩ ප්රදේශයේදී මවක සහ පුත්රයෙකු තියුණු ආයුධවලින් පහරදී ඝාතනය කර තිබෙනවා.
මෙලෙස ඝාතනයට ලක්ව ඇති මවගේ වයස අවුරුදු 74 ක් වන අතර පුත්රයා 25 වන වියේ පසුවනවා.
ඝාතනය සිදු කළ බවට සැකකෙරෙන අවුරුදු 43 ක් වයසැති සැකකරු මරණකරුවන්ගේ නිවස ආසන්න නිවසක නිවසක පදිංචිව සිටින බවට හදුනාගෙන තිබෙනවා.
මෙම ඝාතනයට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.