අතරමැදි ශ්‍රේණි සඳහා සිසුන් ඇතුළත් කරගැනීම සම්බන්ධයෙන් දැනුම්දීමක්

2025 වර්ෂයේ සිට පාසල්වල 02 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා සිසුන් ඇතුළත් කිරීම (05 සහ 06 ශ්‍රේණි හැර) සම්බන්ධයෙන් අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය විසින් චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා.

අදාළ චක්‍රලේඛයට අනුව, 2025 අධ්‍යයන වර්ෂයේ ජාතික පාසල්වල අතරමැදි ශ්‍රේණිවල පවතින පුරප්පාඩු සඳහා සිසුන් ඇතුළත් කර ගැනීම සිදු කරනු ලබනවා.

2025 ජුනි 30 වැනි දිනට අදාළව ජාතික පාසල්වල අතරමැදි ශ්‍රේණිවල පවතින පුරප්පාඩු අධ්‍යාපන අමාත්‍යාංශයේ වෙබ් අඩවියේ ප්‍රසිද්ධ කර ඇති බවයි සඳහන් වෙන්නේ.

ඒ සඳහා අයදුම් කිරීමට අපේක්ෂා කරන සියලුම අයදුම්කරුවන්, 27/2025 චක්‍රලේඛයේ සඳහන් අයදුම්පත සම්පූර්ණ කර, 2025 සැප්තැම්බර් 26 දිනට පෙර සියලුම අතිරේක ලේඛන ද සමඟ අදාළ පාසල්වල විදුහල්පතිවරුන් වෙත ලියාපදිංචි තැපෑල මඟින් යොමු කළ යුතු බව වැඩිදුරටත් සඳහන්.

අදාළ නිවේදනය පහතින්.

 news images