රථවාහන රාජකාරිවල නිරත වන පොලිස් නිලධාරීන්ට නිල ඇඳුමේ පැළඳිය හැකි කැමරාවක් (BodyCam) ලබා දීමට පොලීසිය විසින් තීරණය කර තිබෙනවා.
රථවාහන වැරදි අවම කිරීම අරමුණු කර ගනිමින් මෙම පියවර ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරි එෆ්.යූ. වුට්ලර් සඳහන් කර සිටියේ.
ඒ අනුව, ඉදිරි සති කිහිපය තුළ එම කැමරා සෑම රථවාහන පොලිස් නිලධාරියකු වෙතම ලබා දෙන බව ඔහු වැඩිදුරටත් පවසා සිටියා.