මහේස්ත්‍රාත්වරුන්, දිසා විනිසුරුවරුන් ඇතුළු අධිකරණ නිලධාරීන් 106 දෙනෙකුට ස්ථාන මාරු

මහේස්ත්‍රාත්වරුන්, විනිසුරුවරුන් ඇතුළු අධිකරණ සේවා නිලධාරීන් 106 දෙනෙකුට ස්ථාන මාරුවීම් ලබා දී ඇති බව අධිකරණ සේවා කොමිෂන් සභාව පවසනවා.

ඒ අනුව, සැප්තැම්බර් 15 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි මහේස්ත්‍රාත්වරුන්, අතිරේක මහේස්ත්‍රාත්වරුන්, දිසා විනිසුරුවරුන්, අතිරේක දිසා විනිසුරුවරුන් සහ රෙජිස්ට්‍රාර්වරුන් සඳහා අදාළ ස්ථාන මාරුවීම් ලබා දී ඇති බවයි එම කොමිෂන් සභාව සඳහන් කරන්නේ.

මෙම ස්ථාන මාරුවීම් යටතේ අධිකරණ පුහුණු ආයතනයේ පුහුණුව ලැබූ 17 දෙනෙකු මහේස්ත්‍රාත්වරුන් සහ අතිරේක දිසා විනිසුරුවරුන් ලෙස පත්වීම් ලබා ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.