ඓතිහාසික මහියංගන රජමහා විහාරස්ථානයේ සහ ශ්‍රී සුමන සමන් මහා දේවාලයේ 2025 ඇසළ මහා පෙරහර මංගල්‍යයේ සිව්වන රන්දෝලි පෙරහර ඊයේ (06) රාත්‍රියේ වීදි සංචාරය කෙරුණි.
එහි සමාරම්භය සනිටුහන් කරමින් මංගල හස්ති රාජයා මත සධාතුක කරඬුව තැන්පත් කිරීමේ අවස්ථාවට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහභාගී විය.







