ඇල්ල වැල්ලවාය බස් රථ අනතුරින් මරණයට පත් තංගල්ල නගර සභා සේවකයින්ගේ මෘතදේහවලට අවසන් ගෞරව දැක්වීම සඳහා අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය අද (06) පෙරවරුවේ තංගල්ල නගර ශාලාවට පැමිණියා.
මෙම අනතුරින් තංගල්ල ප්‍රදේශයේ 15 දෙනකු මියගිය ගොස් තිබුණා.
ඉන් දේහ 12ක් තංගල්ල නගර ශාලාවේ තැන්පත් කර තිබුණා.
අද (06) පෙරවරු 10.00ට පමණ ආගමික වතාවත්වලින් අනතුරුව එම දේහයන් ඔවුන්ගේ නිවෙස්වලට රැගෙන යනු ලැබුවා.
මෙම අනතුරින් මරණයට පත් තංගල්ල නගර සභාවේ පුස්තකාල නිළධාරිනිය සහ ඇගේ දියණියගේ සිරුරු මෙතෙක් ඔවුන්ගේ ඥාතීන්ට ලැබී නැතැයි වාර්තා වෙනවා. ඒ අනුව එම දේහයන් තංගල්ල නගර ශාලාවට රැගෙන විත් තිබුණේ නැහැ.
දේහයන් පිළිබඳ අවසන් කටයුතු හෙට (07) සිදුකිරීමට නියමිතව ඇතැයි ද වාර්තා වෙනවා.
