හිටපු ක්‍රිකට් නායක රොෂාන් මහානාම ජාතික ක්‍රීඩා කවුන්සිලයෙන් (NSC) ඉල්ලා අස්වී තිබෙනවා.
2025 පෙබරවාරි 14 දිනැති ලිපියක් මගින් 2025-2028 කාලය සඳහා ඔහු ජාතික ක්‍රීඩා කවුන්සිලයට පත් කරන ලද අතර, 2025 පෙබරවාරි 20 වන දින නිල වශයෙන් ඔහු එම තනතුර පිළිගෙන තිබුණා.
තම ඉල්ලා අස්වීම නිවේදනය කරමින් ඔහු ප්‍රකාශ කළේ, අතිශය පෞද්ගලික හේතූන් මත සිය භූමිකාවෙන් ඉවත් වීමට තමාට අකමැත්තෙන් වුවද සිදු වූ බවයි.
” මගේ පිළිගැනීමේ ලිපියේ පැහැදිලිව සඳහන් කළ පරිදි, මෙම භූමිකාවේ මගේ අඛණ්ඩ පැවැත්ම සැමවිටම ජාතික ක්‍රීඩා කවුන්සිලයේ ප්‍රගතිය මත රඳා පවතින බව ඔබ තේරුම් ගනු ඇතැයි මම විශ්වාස කරමි. එවැනි තනතුරක් දැරීමෙන් ක්‍රීඩාවේ යහපත සඳහා සෑම විටම ක්‍රියා කිරීමට සහ කවුන්සිලයේ අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා අර්ථවත් ලෙස දායක වීමට මට අවශ්‍ය බව මම තරයේ විශ්වාස කරමි.” යැයි ඔහු පැහැදිළි කර තිබෙනවා.
තම තීරණය ශ්‍රී ලංකාවේ ක්‍රීඩාවේ උන්නතිය සඳහා කැපවීමක් නොමැතිකමක් ලෙස වරදවා වටහා නොගතයුතු බව ඔහු තවදුරටත් අවධාරණය කළ අතර, ක්‍රීඩා ප්‍රජාවට වෙනත් ආකාර වලින් සහාය වීමට සහ සහාය දීමට ඔහු නිරන්තර කැමැත්තෙන් සිටින බව අවධාරණය කළා.