ජනාධිපති වීරතා සම්මානය පොලිස් අධිකාරි ජයසුන්දරට

ශ්‍රී ලංකා පොලිසියේ 159 වැනි පොලිස් දින සංවත්සර උත්සවයට සමගාමීව, ජනාධිපති අනුර කුමාර දිසානායක අතින් සහකාර පොලිස් අධිකාරි ජේ. එම්. එම්. ජයසුන්දරහට ජනාධිපති වීරතා සහතිකය පිරිනමනු ලැබුවා.

රතු නිවේදන ලැබ සිටි සංවිධානාත්මක අපරාධකරුවන් පිරිසක් ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම වෙනුවෙනුන් ඔහු මෙම ගෞරවයෙන් පිදුම් ලැබුවා.

ශ්‍රී ලංකා පොලිස් ඉතිහාසයේ ඉතා කලාතුරකින් පිරිනැමෙන ජනාධිපති වීරතා මෙලෙස පිරිනැමීම කැපී පෙනෙන සිදුවීමක් ලෙස වාර්තා වෙනවා.

මෙම උත්සවය බම්බලපිටිය පොලිස් ‍ක්ෂේත්‍ර බලකා මුලස්ථානයේදී පැවැත්වුණා.