ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල කඩිනමින් නිකුත් කිරීමට පියවර

05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල කඩිනමින් නිකුත් කිරීමට පියවර ගන්නා බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව, බොහෝ දුරට මෙම සතිය ඇතුළත එම ප්‍රතිඵල නිකුත් කිරීමට බලාපොරොත්තු වන බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කර සිටියේ.

2025 වසරට අදාළ 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය පසුගිය අගෝස්තු 10 වැනිදා පැවැත්වුණු අතර, දිවයින පුරා මධ්‍යස්ථාන 2,787 කදී, සිසුන් 307,951 ක් එම විභාගයට පෙනී සිටියා.