රිමාන්්ඩ් ඉන්න රතන හිමිට දානය කොළඹ හෝටලයකින්

අධි­ක­ර­ණය මඟින් රක්ෂිත බන්ධ­නා­ගා­ර­ගත කරන ලෙස නියම කරන ලද හිටපු පාර්ලි­මේන්තු මන්ත්‍රී අතු­ර­ලියේ රතන හිමි­යන් සහ හිටපු අමා­ත්‍ය­ව­රුන් වන රාජිත සේනා­රත්න, නිමල් ලන්සා මහ­ත්ව­රුන්ට පිට­තින් කෑම ගෙන ඒම සඳහා අව­සර හිමි වී ඇතැයි බන්ධ­නා­ගාර දෙපා­ර්ත­මේන්තු වාර්තා සඳ­හන් කරයි. එහිදී ගිහි දාය­ක­යන් විසින් අතු­ර­ලියේ රතන හිමි­යන්ට කොළඹ ප්‍රසිද්ධ හෝට­ල­ය­කින් උදෑ­සන සහ දිවා දානය ලබා­දී­මට කට­යුතු කර ඇතැයි ද වාර්තා වේ. රක්‍ෂිත බන්ධ­නා­ගා­ර­ගත කළ හිටපු පාර්ලි­මේන්තු මන්ත්‍රී අතු­ර­ලියේ රතන හිමි­යන් කොළඹ මැග­සින් බන්ධ­නා­ගා­රයේ ‘ජී’ වාට්ටුවේ රඳවා ඇති අතර හිටපු අමාත්‍ය රාජිත සේනා­රත්න මහතා මේ වන විට කොළඹ රිමාන්ඩ් බන්ධ­නා­ගා­රයේ ‘එන්’ වාට්ටුවේ රඳවා සිටී.

මේ අතර අතු­ර­ලියේ රතන හිමි­යන්ගේ සහ හිටපු අමාත්‍ය රාජිත සේනා­රත්න මහ­තාගේ ආර­ක්‍ෂාව ද අදාළ බන්ධ­නා­ගා­ර­යන් තුළ ස්ථාපිත කර ඇති බව ද බන්ධ­නා­ගාර උසස් නිල­ධා­රි­යෙක් ‘දින­මිණ’ට කීය.

රාජිත සේනා­රත්න මහතා බන්ධ­නා­ගා­රය වෙත රැගෙන ආ අව­ස්ථාවේ ඔහුව බන්ධ­නා­ගාර වෛද්‍ය­ව­ර­යකු විසින් පරික්‍ෂා කළ අතර හිටපු අමා­ත්‍ය­ව­රයා යහ­පත් සෞඛ්‍ය තත්ත්ව­යෙන් පසු­වන බව වෛද්‍ය­ව­රුන් නිර්දේශ කළ බවත් ඒ අනුව ඔහුව කොළඹ රිමාන්ඩ් බන්ධ­නා­ගා­රයේ ‘එන්‘ වාට්ටු­වට යොමු කළ බවත් එම නිල­ධා­රියා වැඩි­දු­ර­ටත් පැවැ­සීය.

මීග­මුව බන්ධ­නා­ගා­රයේ රඳවා සිටින හිටපු අමාත්‍ය නිමල් ලන්සා මහ­තාට විශේෂ ආර­ක්ෂා­වක් සහ වෛද්‍ය පහ­සු­කම් සල­සන ලෙස අධි­ක­ර­ණය විසින් බන්ධ­නා­ගාර දෙපා­ර්ත­මේ­න්තු­වට නියෝග කර තිබූ අතර ඔහුව ආර­ක්ෂි­තව මීග­මුව බන්ධ­නා­ගා­රයේ ‘ඒ-වන්’ වාට්ටුවේ රඳවා ඇතැයි වාර්තා වේ. එමෙන්ම බන්ධ­නා­ගාර වෛද්‍ය­ව­රයා විසින් සිදු කළ පරී­ක්ෂ­ණ­යෙන් ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය යහ­පත් බවට තහ­වුරු වී තිබේ. මේ තිදෙ­නාම බන්ධ­නා­ගා­ර­යෙන් සප­යන ලද කොට්ට­යක සහ පැදු­රක නිදි­සු­වය ලබන බව ද බන්ධ­නා­ගාර ආරංචි මාර්ග කියයි. රක්ෂිත බන්ධ­නා­ගා­ර­ගත කළ හිටපු අමාත්‍ය නිමල් ලන්සා මහ­තාව හමු වීමට පිට­ස්තර පුද්ග­ල­යන් පැමි­ණීම සීමා කරන ලෙස ඒ මහ­තාගේ බිරිය විසින් බන්ධ­නා­ගාර අධි­කා­රිය වෙත ඉල්ලී­මක් කර තිබිණි.

ඒ පිළි­බ­ඳව අව­ස­රය හිටපු අමා­ත්‍ය­ව­ර­යාගේ කැමැත්ත අකැ­මැත්ත අනුව සිදු වනු ඇතැයි ද සඳ­හන්ය