ඇෆ්ගනිස්ථානයේ භූ කම්පනයකින් 20 ක් මරුට

අද උදෑසන නැගෙනහිර ඇෆ්ගනිස්ථානයේ රික්ටර් මාපකයේ ඒකක 6.0 ක ප්‍රබලත්වයකින් යුත් භූ කම්පනයක් සිදු වී තිබෙනවා.

මෙම භූ කම්පනය හේතුවෙන් පුද්ගලයන් 20 දෙනෙකු මියගොස්, තවත් 100කට අධික පිරිසක් තුවාල ලබා රෝහල් ගත කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ.

එසේම නිවාසවලට යට වූ සිය ගණනක පිරිසක් සිටින බවත්, ඔවුන් සොයා සහන කණ්ඩායම් විසින් මෙහෙයුම් කටයුතු සිදු කරන බවයි සඳහන් වන්නේ.

දුරස්ථ කඳුකර ප්‍රදේශවල ගලවා ගැනීමේ කටයුතු සඳහා සහාය වන ලෙස තලේබාන් රජයේ නිලධාරීන් විසින් මානුෂීය සංවිධානවලින් ඉල්ලා ඇති අතර, නායයෑම් සහ ගංවතුර හේතුවෙන් ගුවනින් පමණක් ප්‍රවේශ විය හැකි ස්ථාන ද පවතින බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.