රනිල්ගේ ලෙඩ ගැන මාධ්‍යයට කියූ බෙල්ලනට විනය පරීක්ෂණයක්

වෛද්‍ය ආචාරධර්ම හා නීති­යට පට­හැණිව හිටපු ජන­පති රනිල් වික්‍ර­ම­සිංහ මහ­තාගේ සෞඛ්‍ය තත්ත්වය සම්බ­න්ධ­යෙන් ජන­මා­ධ්‍ය­යට කරුණු අනා­ව­ර­ණය කිරීම සම්බ­න්ධ­යෙන් කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ, වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහ­තාට එරෙ­හිව සෞඛ්‍ය අමා­ත්‍යාං­ශ­යෙන් විනය පරී­ක්ෂ­ණ­යක් සිදු කරන බව සෞඛ්‍ය හා ජන­මාධ්‍ය නියෝජ්‍ය ඇමැති, වෛද්‍ය හංසක විජ­ය­මුණි මහතා පව­සයි.

ඒ මහතා මේ බව පැව­සුවේ ඊයේ (27) මහ­නු­වර දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රව­ණා­ගා­රයේ පැවති මහ­නු­වර දිස්ත්‍රික් සම්බ­න්ධී­ක­රණ කමිටු රැස්වී­මෙන් අන­තු­රුව මාධ්‍ය හමුවේ අද­හස් දක්ව­මිනි.

එහිදී වැඩි­දු­ර­ටත් අද­හස් දැක්වූ ඒ මහතා මෙලෙස ද කීවේය.

“නියෝජ්‍ය අධ්‍ය­ක්ෂ­ව­ර­යාට මේ ආකා­ර­යෙන් රෝගි­ය­කුගේ සෞඛ්‍ය තත්ත්වය සම්බ­න්ධ­යෙන් කරුණු හෙළි­ද­රවු කිරී­මට කිසිදු අයි­ති­යක් නෑ. රෝගි­යාගේ තරා­ති­රම කුමක් වුවත් මේ ආකා­ර­යෙන් රෝගී තත්ත්ව­යන් සම්බන්ධ කරුණු හෙළි කිරීම වෛද්‍ය ආචා­ර­ධ­ර්ම­ව­ලට මෙන්ම නීති­යට පට­හැ­ණියි. එලෙ­සින්ම එය සදා­චා­රා­ත්මක නොවන ක්‍රියා­වක්. අනෙක් විශේ­ෂි­තම කාර­ණය වන්නේ ඔහු පැවසූ ඇතැම් කරුණු සාවද්‍ය වීමයි.

දේශ­පා­ලන අද­හ­සක් ප්‍රකාශ කිරීම සහ කෙන­කුගේ රෝග තත්ත්වය අනා­ව­ර­ණය කිරීම අතර බර­ප­තළ වෙන­සක් තිබෙ­නවා. දැන­ග­න්නට තිබෙන තොර­තු­රු­ව­ලට අනුව බෙල්ලන මහතා කලක් එජා­පය හා එක්ව කට­යුතු කර තිබෙ­නවා. රජයේ  දේශ­පා­ලන හිමි­ක­මක් නැති නිල­ධා­රි­යකු ලෙස ඔහු ඊට පට­හැ­ණිව ක්‍රියා කර තිබේද  යන්න සොයා බැලිය යුතුයි.

හිටපු ජන­පති රනිල් වික්‍ර­ම­සිංහ මහතා ප්‍රති­කාර ලබ­මින් සිට ඇත්තේ නියෝජ්‍ය අධ්‍යක්ෂ රුක්ෂාන් බෙල්ලන මහ­තාගේ පාල­නය යටතේ පව­තින කොට­සක නොවේ. එසේ තිබි­යදී ඔහු සිදු කර තිබෙන්නේ  නියෝජ්‍ය අධ්‍ය­ක්ෂ­ක­ව­ර­යාට කිසි­සේත්ම අයිති නැති ක්‍රියා­වක්.”