චීනයේ පාල­මක් කඩා වැටී සේව­කයෝ 12ක් මරුට

උතු­රු­දිග චීනයේ ඉදි කර­මින් පැවැති දුම්රිය පාල­මක් කඩා වැටී­මෙන් පුද්ග­ල­යන් 12 දෙනකු ජීවි­ත­ක්ෂ­යට පත්වී ඇතැයි ද, තවත් පුද්ග­ල­යන් සිවුදෙ­නකු අතු­රු­දන්වී ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කරයි. කඩා වැටී ඇත්තේ උතු­රු­දිග චීනයේ ෂිංග්හායි ප්‍රාන්තයේ පිහිටි ‘කහ නදිය‘ ලෙස හඳු­න්වන හොවැංග්හෝ ගංගා­වට ඉහ­ළින් ඉදි කර­මින් පැවැති පාල­මෙහි කොට­සක් බවත්, ඒ වන­විට සේව­ක­යන් 16 දෙනකු ඉදි කිරීම් කට­යු­තු­වල නිර­තව සිටි බවත් විදෙස් මාධ්‍ය වැඩි­දු­ර­ටත් වාර්තා කරයි. චීනයේ ෂිංහුවා පුවත් සේවය සඳ­හන් කර ඇත්තේ එම පාලමේ ඉහළ කොටසේ සවි කර තිබූ යකඩ රැහැන් පද්ධ­තිය කඩා වැටී­මෙන් එම අන­තුර සිදුවී ඇති බවය.

චිනයේ දෙවැනි දිගම ගංගාව ලෙස සැල­කෙන හොවැංග්හෝ නදිය අඩි 33ක් පමණ ගැඹුරු බවත්, අතු­රු­දන්වූ ඉදි කිරිමේ සේව­ක­යන් සොයා 800ක පිරි­ස­ක­ගෙන් යුතු ආපදා කළ­ම­නා­ක­රණ කණ්ඩා­ය­මක් මෙහෙ­යුම් ආරම්භ කර ඇතැයි විදෙස් මාධ්‍ය සඳ­හන් කරයි. දුම්රිය පාලම කඩා වැටීම සම්බ­න්ධව විම­ර්ශ­න­යක් සිදු කිරී­මට චීන රජය පිය­වර ගෙන ඇතැයි ෂිංහුවා පුවත් සේවය සඳ­හන් කර තිබේ.  එම ගංගාව ‘කහ නදිය‘ ලෙස හඳු­න්වනු ලබන්නේ උතු­රු­දිග චීනයේ ලෝස් සානු­වෙන් එක්රැස් වන කහ පැහැති රොන් මඩ විශාල ප්‍රමා­ණ­යක් ගංගාව ඔස්සේ ගලා යෑම හේතු­වෙන් බව ද වාර්තා වේ.