දේශීය නිෂ්පා­ද­න­යට මුල් තැන දෙන්න – අග­මැති මෝදි ජන­තා­වට කියයි.ට්‍රම්ප්ගේ දුර­ක­තන ඇම­තුම් 4ක් ප්‍රති­ක්ෂේප කළ බව­ටත් වාර්තා­වක්

රුසි­යා­වෙන් වට්ටම් සහිත තෙල් මිලදී ගැනී­මට එරෙ­හිව තීරු­බද්ද දෙගු­ණ­යක් කර­මින් ලොව විශා­ල­තම ආර්ථි­ක­ය­කට හිමි­කම් කියන ඉන්දි­යා­වට ඩොනල්ඩ් ට්‍රම්ප් නියම කළ 50%ක තීරු­බද්ද ඉන්දීය ආර්ථි­ක­යට සහ ගෝලීය සැප­යුම් ජාල­යට දැඩි බල­පෑ­මක් එල්ල කරනු ඇතැයි ජාත්‍ය­න්තර ආර්ථික විශ්ලේ­ෂ­ක­යන් අනා­වැකි පළ කළ ද, අමෙ­රි­කාවේ ජනා­ධි­ප­ති­ව­ර­යාගේ තර්ජ­න­යට බියෙන් ඉන්දි­යාවේ විදේ­ශීය ප්‍රති­ප­ත්තිය වෙනස් නොක­රන බවත්, දේශීය ගොවියා අසී­රු­තා­වට පත් කිරි­මට ඉන්දීය රජ­යට නොහැකි බවත් අග­මැති නරේන්ද්‍ර මෝදි අව­ධා­ර­ණය කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. සිය ගෝලිය තීරු­බදු ප්‍රති­ප­ත්ති­යට අනුව මීට පෙර ඉන්දි­යා­වට පැනවූ 25%ක ආන­ය­නික තීරු­බද්ද දෙගු­ණ­යක් කිරී­මට ඩොනල්ඩ් ට්‍රම්ප් පිය­වර ගනු ලැබුවේ යුක්රේන යුද ගැටු­ම්ව­ලට ඉන්දි­යාව වක්‍රා­කා­රව අර­මු­දල් සප­යන බවට චෝදනා කර­මින් බව ද විදෙස් මාධ්‍ය වැඩි­දු­ර­ටත් වාර්තා කරයි. එම තීරු­බද්ද ආන­ය­නික භාණ්ඩ සඳහා අමෙ­රි­කාව සිය වෙළෙඳ හවු­ල්ක­රු­වන්ට පන­වනු ලැබූ තීරු­බ­දු­ව­ලින් ඉහ­ළම ප්‍රති­ශ­තය වන අතර, එවැ­නිම ප්‍රති­ශ­ත­යක් බ්‍රසී­ල­යට පැනැ­වී­මට ද ඩොනල්ඩ් ට්‍රම්ප් පිය­වර ගෙන තිබේ. අමෙ­රි­කාව සහ ඉන්දි­යාව අතර තීරු­බදු සම්බ­න්ධව මීට පෙර අවස්ථා ගණ­නා­ව­ක­දීම සාකච්ඡා පැවැ­ති­යද එම සාකච්ඡා එක­ඟ­තා­ව­කින් තොරව අව­සන් වී ඇත්තේ දේශී­ය­ත්ව­යට ප්‍රමු­ඛ­ත්වය ලබා­දීමේ ප්‍රති­ප­ත්තිය මත ඉන්දීය රජය අමෙ­රි­කානු ජනා­ධි­ප­ති­ව­ර­යාගේ කොන්දේසි රැසක් ප්‍රති­ක්ෂේප කළ  බවද විදෙස් මාධ්‍ය සඳ­හන් කරයි.

මේ අතර ජර්ම­නියේ ෆ්‍රැන්ක්ෆර්ට් නුවර මාධ්‍ය වාර්තා­වක් උපුටා දක්ව­මින් ඉන්දීය මාධ්‍ය සඳ­හන් කර ඇත්තේ දෙරට අතර තීරු­බදු අර්බු­දය මධ්‍යයේ අමෙ­රි­කානු ජනා­ධි­ප­ති­ව­රයා පසු­ගිය සති කිහි­පය ඇතු­ළත ලබා­දුන් දුර­ක­තන ඇමැ­තුම් 4ක්ම අග­මැති නරේන්ද්‍ර මෝදි ප්‍රති­ක්ෂේප කර ඇති බවය. ජපා­නයේ නිකී ඒසියා පුවත් සේවය ද එවැ­නිම වාර්තා­වක් පළ කර ඇති අතර, සිය දුර­ක­තන ඇමැ­තුම් මෝදි ප්‍රති­ක්ෂේප කිරිම ට්‍රම්ප්ගේ කළ­කි­රීම වර්ධ­නය වීමට හේතුවූ බව ද එහි සඳ­හන් කර ඇතැයි වාර්තා වේ. කෙසේ වෙතත් එම වාර්තාව ඉන්දීය රජය මෙතෙක් තහ­වුරු කර නැති බව ද වාර්තා වේ.

රුසි­යා­වෙන් තෙල් මිලදී ගැනී­මට එරෙ­හිව ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් දෙගු­ණ­යක් කළ ඉන්දීය තීරු­බද්ද සම්බ­න්ධව දැඩි ස්ථාව­ර­යක සිටින අග­මැති මෝදි ජන­තා­වගේ ආර්ථික බල­පෑම් අවම කිරීම සඳහා තීරු­බදු අඩු කරන බවට පොරොන්දු වී ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එරට මිලි­යන ගණ­නා­වක සුළු ව්‍යාපා­ර­ව­ලට දැවැන්ත බදු ප්‍රසාද දීම­නා­වක් අත්වන දීපා­වලී ත්‍යාග­යක් පිරි­න­මන බව පසු­ගි­යදා පැවැති ඉන්දීය නිද­හස් දින උත්ස­ව­යේදී අග­මැති මෝදි ප්‍රකාශ කර තිබේ.

සිය වෙළෙ­ඳ­සල් ඉදි­රි­පිට දේශීය හෝ ඉන්දි­යාවේ නිෂ්පා­දිත භාණ්ඩ ලෙස සඳ­හන් පූවරු සවි කරන ලෙසත් එදින නව­දිල්ලි නග­ර­යට එක්රොක් වූ දහස් සංඛ්‍යාත ජන­තාව අම­ත­මින් අග­මැ­ති­ව­රයා ඉල්ලා සිටි බවද විදෙස් මාධ්‍ය සඳ­හන් කරයි.

ඉන්දි­යාව ස්වයං­පෝ­ෂිත විය යුතු බවත්, ආර්ථික ආත්මා­ර්ථ­කා­මී­ත්වය ගෝලීය වශ­යෙන් ඉහළ යමින් පව­තින අව­ස්ථා­වක දුෂ්ක­රතා සඳ­හන් කර­මින් හඬා නොවැටී නැඟී සිටිය යුතු බව තරයේ සිතට ගන්නා ලෙස අව­ධා­ර­ණය කර ඇති අග­මැති මෝදි බාහිර බල­වේ­ග­වල  ග්‍රහ­ණ­යට හසු නොවිය යුතු බවද ප්‍රකාශ කර තිබේ. එම ප්‍රකා­ශය ඔහු තවත් මහ­ජන රැලි දෙක­කදී පමණ නැවත නැව­තත් සිහි­පත් කර ඇතැයි ද වාර්තා වේ.

මේ අතර රුසි­යාවේ විශා­ල­තම තෙල් ආන­ය­න­කරු වන චීන­යට සම්බා­ධක පැන­වී­මෙන් වැළකී සිටි­මින් ආසි­යාවේ චීන ආධි­ප­ත්‍ය­යට මුහුණ දිය හැකි එකම ප්‍රති­වා­දියා වන ඉන්දි­යාවේ තීරු­බදු ඉහළ නැංවීම වසර 25ක ශක්ති­මත් ආර්ථික සම්බ­න්ධතා කපා හැරීමක් බව එක්සත් ජාතීන්ගේ සංවි­ධා­නයේ හිටපු අමෙ­රි­කානු තානා­ප­ති­නිය නිකී හේලි පසු­ගි­යදා ප්‍රකාශ කළ අතර, ඉන්දි­යා­වට නිද­හස් හා ප්‍රජා­ත­න්ත්‍ර­වාදී හවු­ල්ක­රු­වකු ලෙස සැල­කිය යුතු බව නිව්ස්වීක් සඟ­රා­වට තීරු ලිපි­යක් ලිය­මින් සඳ­හන් කළ බව වාර්තා වේ. ජනා­ධි­පති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ සමී­ප­ත­ම­යකු ලෙස ඔහුගේ පළ­මු­ ධුර කාල­යේදී එක්සත් ජාතීන්ගේ සංවි­ධා­නයේ අමෙ­රි­කානු තානා­ප­ති­නිය ලෙස කට­යුතු කළ ඇය ඉන්දි­යාව ලොව වඩාත්ම වේග­වත් ආර්ථක වර්ධ­න­ය­කට හිමි­කම් කියන රාජ්‍ය­යක් බැවින් ආර්ථික ප්‍රති­වා­දි­යකු ලෙස නොසැ­ල­කිය යුතු බවද සඳ­හන් කර තිබේ. ඉන්දි­යාව රුසි­යා­වෙන් තෙල් මිලදී ගැනී­මෙන් යුක්රේ­න­යට එරෙහි යුද්ධ­යට වක්‍ර අයු­රින් අර­මු­දල් සප­යන බව ප්‍රකාශ කර­මින් ජනා­ධි­පති ට්‍රම්ප් තීරු­බදු ඉහළ නැංවීම නිවැ­රැදි ක්‍රියා මාර්ග­යක් වුවත්, අමෙ­රිකා- ඉන්දීය ශක්ති­මත් සබ­ඳතා ඉති­හා­සය ආරක්ෂා කර­ගැ­නී­මට පිය­වර ගත යුතුව ඇතැයි ද සිය තීරු ලිපිය මගින් ප්‍රකාශ කර ඇතැයි  විදෙස් මාධ්‍ය සඳ­හන් කරයි.