ජනපතිවරණ සමයේ ස්මාට් බෝඩ්වලින් බිලියන 1.4ක අමුතු ගැහිල්ලක්

සුහුරු පාස­ල්ව­ලට ස්මාර්ට් බෝඩ් ( සුහුරු  පුවරු) ලබා දීම සඳහා පසු­ගිය ජනා­ධි­ප­ති­ව­රණ සම­යේදී අධ්‍යා­පන හා විද්‍යා තාක්ෂණ අමා­ත්‍යාං­ශය ඒකා­බ­ද්ධව ක්‍රියා­ත්මක කළ වැඩ­ස­ට­හ­නක් මඟින් රුපි­යල් බිලි­යන 1.4ක  මුද­ලක් අව­භා­විත වීමේ සිද්ධි­යක් සම්බ­න්ධ­යෙන් අල්ලස් හෝ දූෂණ විම­ර්ශන කොමි­ෂන් සභාව මඟින් විම­ර්ශ­න­යක් ආරම්භ කර තිබේ.

මේ වැඩ­ස­ට­හන සඳහා අවශ්‍ය මිලදී ගැනීම් සිදු­කර ඇත්තේ  හදිසි මිලදී ගැනීම් ලෙස ජනා­ධි­ප­ති­ව­ර­ණ­යට සති දෙක­කට පෙර බව පැවසේ.

අල්ලස් හෝ දූෂණ විම­ර්ශන කොමි­සම මේ විම­ර්ශ­නය ආරම්භ කර ඇත්තේ විදුලි සංදේශ නියා­මන කොමි­ෂන් සභාවේ අධ්‍යක්ෂ ජන­රාල් විශ්‍රා­මික එයාර් වයිස් මාර්ෂල් බන්දුල හේරත් මහතා විසින් කරන ලද පැමි­ණි­ල්ලක් අනු­වය.

විදුලි සංදේශ නියා­මන කොමි­ෂන් සභාවේ අධ්‍යක්ෂ ජන­රාල්  බන්දුල හේරත් මහ­තා­ගෙන් ඒ සම්බ­න්ධව ⁣කරුණු විම­සී­මට අල්ලස් කොමි­ස­මට ඊයේ (27) කැඳවා තිබූ අතර කොමි­සම ඒ මහ­තා­ගෙන් පැය පහක පමණ කාල­යක්  එහිදී  ප්‍රකාශ සට­හන් කර­ගෙන තිබේ.

අල්ලස් කොමි­සමේ ප්‍රශ්න කිරී­ම්ව­ලින් අන­තු­රුව මාධ්‍ය­වේ­දීන් හමුවේ අධ්‍යක්ෂ ජන­රාල් බන්දුල හේරත් මහතා මෙසේ කීවේය.

“අද කොමි­ෂන් සභා­වට ආවේ 2024    ප්‍රස­ම්පා­ද­න­යක් සම්බ­න්ධ­යෙන් දැනු­ම්වත් කරන්න. අපි මුලින්ම සුහුරු පාස­ල්වල සුහුරු පන්ති සඳහා  ස්මාර්ට් බෝඩ් හා තවත් උප­ක­රණ කිහි­ප­යක් මිලදී ගැනීම සඳහා  විද්‍යා තාක්‍ෂණ අමා­ත්‍යාං­ශය සහ අධ්‍යා­පන අමා­ත්‍යං­ශය එකතු වෙලා ඊට අදාළ පරි­ග­ණක ඇතුළු උපාංග විදුලි සංදේශ නියා­මන කොමි­ෂන් සභාවේ  අර­මු­ද­ලක් යටතේ මිලදී ගැනී­මට  කැබි­නට් පත්‍රි­කා­වක් ඉදි­රි­පත් කළා. ඒ මිලදී ගැනීම සඳහා වූ බිලි­යන එකයි දශම හත­ර­කට අධික මුද­ලක් ලබා ගැනීම සඳ­හායි.  බදු නැතුව මේ වෙන­කොට ඒ සඳහා  බිලි­යන 1.06ක මුද­ලක්  විය­දම් කරලා තිබෙ­නවා. තවත් මිලි­යන 700කට අධික බදු සහිත මුද­ලක් ඒ කාර­ණ­යට  ගෙවී­මට තිබෙ­නවා. ජනා­ධි­ප­ති­ව­ර­ණ­යට සති දෙක­කට පෙර  විවෘ­ත­භා­ව­යක් හෝ නැතිව දවස් පහක් වැනි කෙටි කාල­යක් ඇතු­ළත ඒ අවශ්‍ය භාණ්ඩ මිලදී ගැනී­මක් සිදු කළා. මේ ප්‍රස­ම්පා­ද­නයේ විවෘත භාව­යක් නැති­කම සහ ප්‍රශ්න සහ­ගත තැන් කීප­යක් තිබෙ­නවා. එය නිරා­ක­ර­ණය කිරීම සඳහා අල්ලස් කොමි­ස­මට පැමි­ණිලි කළා.  ගම්බද පාස­ල්වල  සුහුරු පන්ති ඇති කිරීම මඟින්  තාක්ෂණ විෂය ගමට ගෙන යාම  මේ වැඩ­ස­ට­හනේ අර­මුණ වුණා. එය ඉතා වැද­ගත් දෙයක්. මෙහිදී ඉතා අත්‍ය­වශ්‍ය දෙයක් තමයි දත්ත ගබ­ඩාව කියන්නෙ. දත්ත ගබ­ඩා­වක් නැතුව ව්‍යාපෘ­තිය සාර්ථක කිරීම අප­හ­සුයි.

පහු­ගිය ලිපි සමඟ බල­න­කොට පෙනී ගියා මීට ප්‍රථම ආධා­ර­යක් මගින්  smart board 500ක් සහ දත්ත ගබ­ඩා­වක් ලබා දෙන්න  සූදා­න­මක් තිබුණු බව. ඒ දත්ත ගබ­ඩාව සමඟ සුහුරු බෝඩ් තුන්දා­හක් සම්බන්ධ කිරීමේ හැකි­යාව තිබිලා තියෙ­නවා. ඒ දත්ත ගබ­ඩාව අර­මුණු කර­ගෙන තමයි මේ බෝඩ් මිල­දී­ගෙන තිබෙන්නේ. ඒ දත්ත ගබ­ඩාව නැති­කම නිසා මේ ව්‍යාපෘ­තිය තව­මත් හරි­යා­කා­රව කර­ගෙන යන්න බැරි වෙලා තියෙන බවයි මගේ අද­හස වන්නේ. මේ සම්බ­න්ධ­යෙන් සිය­යට සිය­යක් තොර­තුරු අධ්‍යා­පන අමා­ත්‍යං­ශ­යෙන් දැන­ගන්න පුළු­වන්. අපි මිලදී ගැනීම සඳහා පම­ණයි සම්බන්ධ වෙන්නේ. ව්‍යාපෘ­තිය ක්‍රියා­ත්මක කෙරුවේ අධ්‍යා­පන අමා­ත්‍යාං­ශය මගි­නුයි. මූලික ප්‍රස­ම්පා­දන කට­යුතු සඳහා පිය­වර අරන් තියෙන්නේ 2024 ජුනි මාස­යේ­දීයි. අධ්‍යා­පන අමා­ත්‍යං­ශය සහ  තාක්ෂණ අමා­ත්‍යං­ශය මේ කැබි­නට් පත්‍රි­කාව  දාන්න කලින් චීන­යෙන්  smart board සහ  දත්ත ගබ­ඩා­වක් ලබා දෙන බවට අදාළ ලිපි ලේඛන තිබුණා. අවු­රු­ද්ද­කට වැඩි කාල­යක් මේවා පාවිච්චි නොකර තිබුණා.