රනිල්ගේ සියලු රෝග සම්බන්ධ වාර්තා අධිකරණයට

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව වික්‍රමසිංහ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න මහතා අද කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු සදහන් කළේය.

ඒ අනුව හිටපු ජනාධිපතිවරයාගේ හෘද වස්තුවේ ප්‍රධාන ධමනි 4න් 3ක අවහිරතා පවතින බවත්, ඔහු කලක සිට වකුගඩු රෝගයකින් පෙළෙන බවත්, හෘද වස්තුවේ පටක මියයෑමක් මෙන්ම පෙනහළු ආසාදනයක් නිරීක්ෂණය වන බවත් වෛද්‍ය වාර්ථාවල සදහන් වන බව කියා සිටියේය.

ඒ අනුව එම රෝග තත්ත්ව පිළිබඳව සියලු වෛද්‍ය වාර්තා නීතීඥවරයා විසින් අධිකරණයට ඉදිරිපත් කර තිබේ.

එම වෛද්‍ය තොරතුරු ඉදිරිපත් කරමින් වික්‍රමසිංහ මහතා සැලකිය යුතු කාලයක් දියවැඩියාවෙන් පෙළෙන බවත්, වකුගඩු රෝග සහ අධි අවදානම් දියවැඩියාව ඇතුළු ඔහුගේ වර්තමාන සෞඛ්‍ය සංකූලතා සැලකිය යුතු අවදානම් ඇති කරන බවත් තහවුරු කළේය.