රනිල්ට සහාය පළ කරමින් පිරිසක් කොළඹට

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහාය පළ කිරීම සඳහා පිරිසක් කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය පිහිටි ප්‍රදේශය ආසන්නයට පැමිණ තිබෙනවා.

මේ වනවිට අධිකරණය පිහිටි මාර්ගයට කිසිවකුට ඇතුළු වීමට අවසර ලබා නොදීම හේතුවෙන්, ඔවුන් ඒ ආසන්නයේ ඇති කෝවිල ඉදිරිපිට රැඳී සිටින බවයි සඳහන් වන්නේ.

පොලිස් කණ්ඩායම් හා මාර්ග බාධක යොදා ප්‍රදේශයේ ආරක්ෂාව තර කිරීමට පියවර ගෙන ඇති අතර, හිටපු ජනාධිපතිවරයාට එරෙහි නඩුව අද (26) දහවල් කැඳවීමට නියමිතව තිබෙනවා.

 news images news images news images news images