දිලීප පීරිස්ට STF ආරක්ෂාව

නීතිපති දෙපාර්තමේන්තුවේ අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස්ට විශේෂ ආරක්ෂාවක් ලබාදීමට පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව, ඔහුගේ ආරක්ෂාව සඳහා පොලිස් විශේෂ කාර්ය බලකාය යොදවා ඇති බවයි සඳහන් වන්නේ.

වත්මන් තත්ත්වය සැලකිල්ලට ගෙන මෙම පියවර ගෙන ඇති බවද වැඩිදුරටත් සඳහන් වන්නේ.