රක්ෂිත බන්ධනාගාරගත කර, පසුව රෝහල්ගත කළ හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් විමසීම සඳහා අද (25) අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය කොළඹ ජාතික රෝහලට ගිය බවට පළවන පුවත අසත්‍ය බව අග්‍රාමාත්‍ය කාර්යාලය පවසනවා.
අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රී නිවේදනයක් නිකුත් කරමින් ඒ බව සඳහන් කර තිබෙනවා.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් අදාළ මාධ්‍ය ආයතනයට විරුද්ධව නිීතිමය පියවර ගැනීමට අග්‍රාමාත්‍ය කාර්යාලය අපේක්ෂා කරන බවයි හරිනි අමරසූරිය අග්‍රාමාත්‍යවරියගේ සිය නිල facebook ගිණුම් සටහනක දැක්වෙන්නේ.
අදාළ නිවේදන පහතින්.

