විදෙස් රැකියා ලබා දෙන බවට පවසා මුදල් වංචා කළ සැකකරුවෙකු තාරේකුලම් ප්‍රදේශයේදී කොළඹ මධ්‍යම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 41ක් වන කොළඹ 15 ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
මෙම සැකකරු කොරියාවේ රැකියා ලබාදෙන බවට පවසා පුද්ගලයින් 150 දෙනෙකුගෙන් රුපියල් කෝටි 15කට අධික මුදලක් වංචා කර ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.
අදාළ පුද්ගලයා ළඟ තිබී ජීප් රථයක්, ඉඩමක ඇටෝනි බලපත්‍රයක් හා ජංගම දුරකථන දෙකක් ද පොලිසිය සිය භාරයට ගෙන තිබේ.
කොළඹ මධ්‍යම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.