මාධ්‍යවේදී කීත් නොයාර්ට පහරදීම සම්බන්ධයෙන් සිදු කරන විමර්ශන අවසන් කර ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල පවසනවා.
ඒ අනුව, අදාළ ලිපිගොනු නීතිපතිවරයා වෙත යවා ඇති බවත්, ඊට වගකිවයුත්තන්ට එරෙහිව අධිචෝදනා ගොනු කිරීමට පියවර ගනු ඇති බවත් ඊයේ (22) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළා.
මේ අතර, ලසන්ත වික්‍රමතුංග ඝාතනය සම්බන්ධයෙන් විමර්ශන නැවත ආරම්භ කර ඇති බවත්, මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩගේ රඳවා තබා ගැනීම සම්බන්ධයෙන් ත්‍රිපුද්ගල මහාධිකරණයකින් මේ වන විට විභාග කරන බවත් මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල වැඩිදුරටත් ප්‍රකාශ කළා.