වෛද්‍යවරුන්ගේ ස්ථාන මාරු ක්‍රියාවලියේ ගැටලුවලට විසඳුම් ලබානොදෙන්නේ නම් අනිද්දා (25) පෙරවරු 8 සිට දීප ව්‍යාප්ත වර්ජනයක නිරත වීමට රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය තීරණය කර තිබෙනවා.
වෛද්‍ය ස්ථාන මාරු ක්‍රියාවලිය, ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් මෙලෙස දීප ව්‍යාප්තව මෙම වැඩ වර්ජනය පැවැත්වීමට සැලසුම් කර ඇති බවයි හිරු ප්‍රවෘත්ති කළ විමසීමකදී එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ සඳහන් කළේ.