මෙම වසරේ ගතවූ මාස 08 කට ආසන්න කාලය තුළදී, ශ්රී ලාංකික තරුණ තරුණියන් 2,522 ක් දකුණු කොරියාවේ රැකියා සඳහා පිටත්ව ගොස් ඇති බව ශ්රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසනවා.
දකුණු කොරියාවේ නිෂ්පාදන අංශයේ රැකියා සඳහා සුදුසුකම් ලැබූ තරුණ තරුණියන් 60 දෙනකු ඊයේ (19) කොරියාව බලා පිටත්ව ගිය අතර, එම කණ්ඩායමට තරුණියන් 07 දෙනෙකු ද ඇතුළත් වූ බවයි සඳහන් වන්නේ.
මෙම වසර තුළදී තරුණියන් 85 දෙනෙකු කොරියානු රැකියා සඳහා පිටත්ව ගොස් ඇති අතර, මෑත කාලීනව තරුණියන් ද දකුණු කොරියාවේ රැකියා සඳහා යොමුවීමේ වැඩි ප්රවණතාවක් පෙන්වන බවයි ශ්රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය වැඩිදුරටත් සඳහන් කර සිටින්නේ.