පාර්ලිමේන්තුව අද රැස්වෙයි

පෙ.ව 9.30 – පෙ.ව. 10.00 කාලය ස්ථාවර නියෝග 22හි 1 සිට 6 දක්වා සඳහන් පාර්ලිමේන්තු කටයුතු සඳහා වෙන්කර තිබේ.

පෙ.ව 10.00 – 11.00 කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා වෙන් කර ඇති අතර පෙ.ව. 11.00 -11.30 කාලය ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න සඳහා වෙන් කර ඇත.

පෙ. ව 11.30 සිට ප.ව 5.00 දක්වා සූදු ක්‍රීඩා නියාමන අධිකාරිය පනත් කෙටුම්පත (දෙවැනි වර කියවීම), රාජ්‍ය ණය කළමනාකරණ පනත යටතේ අංක 2443/14 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කර ඇති නියෝග සහ විදේශ විනිමය පනත යටතේ අංක 2441/14 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කර ඇති නියමයක් විවාදයට ගැනීමට නියමිතව තිබේ.

ප.ව 5.00 සිට ප.ව 5.30 දක්වා ආණ්ඩු පක්ෂය විසින් ගෙනෙනු ලබන සභාව කල්තබන අවස්ථාවේ යෝජනාව විවාදයට ගැනීමට නියමිතව ඇත.