නව දේශපාලන පක්ෂ 83න් 36ක්ම ප්‍රතික්ෂේප වෙයි.

2025 වසර සඳහා ලියාපදිංචි කිරීමට ඉල්ලා තිබෙන නව දේශපාලන පක්ෂ 83න් 36ක්ම ප්‍රතික්ෂේප කිරීමට සිදුවී ඇති බව මැතිවරණ කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් සමන් ශ්‍රී රත්නයක පවසනවා. මුල් සලකා බැලීමේදී මූලික කරුණු සපුරාලීමට එම අයදුමපත් ඉල්ලුම් කරන ලද දේශපාලන පක්ෂවලට නොහැකි වී ඇති බවද ඔහු පෙන්වා දෙනවා.
ඉතිරි දේශපාලන පක්ෂ 47 සලකා බැලීමේ කටයුතු මේ වන විට සිදු කෙරෙන අතර ඵම දේශපාලන පක්ෂවල සම්මුඛ පරීක්ෂණ මේ දිනවල සිදුවන බවද සමන් ශ්‍රී රත්නායක පවසනවා. දේශපාලන පක්ෂ අසූ හයක් මේ වන විට ලියාපදිංචි වී තිබෙන බවද ඔහු පෙන්වා දෙනවා.