නිට්ටඹුවේ සිට මොනරාගල දක්වා ගමන් කරමින් තිබූ වෑන් රථයක් මාතර මොණරාගල ප්‍රධාන මාර්ගයේ තණමල්විල කිතුල්කොටේ ප්‍රදේශයේදි පාර මාරුවෙමින් සිටි වන අලියෙකු ගැටීමෙන් අද (18) අළුයම අනතුරක් සිදුව ඇතැයි තණමල්විල පොලිසිය පවසයි.
මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ නිට්ටඹුව සිට මොනරාගල යක්කල ප්‍රදේශයට යමින් සිටි පිරිසක් රැගත් වෑන් රථයකි.
අනතුර සිදුවන අවස්ථාව වන විට වෑන් රථයේ 06 දෙනෙකු සිට ඇති අතර ඔවුන් සුළු තුවාල ලබා තිබේ.
උදෑසන 05ට පමණ තණමල්විල කිතුල්කොටේ ප්‍රදේශයෙන් පාර මාරුවෙමින් සිටි වන අලියෙකුගේ ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබේ.
අනතුරින් වන අලියාද මහ මාර්ගය මැද ඇද වැටී ඇති අතර වෑන් රථයටද දැඩි අලාභහානි සිදුව තිබේ.වෑන් රථයේ ගැටීමෙන් මහා මාර්ගය මැද ඇද වැටුණු අලියා යළිත් නැගිට කැලය දෙසට දිව ගොස් තිබේ.
අනතුර සම්බන්ධයෙන් තණමල්විල මුලස්ථාන පොලිසිය හා තණමල්විල වනජීවී නිළධාරීන් විමර්ශණයක්ද ආරම්භ කර තිබේ.
වාහනයේ ගැටුණු වන අලියාට ප්‍රථිකාර කිරිමට අවශ්‍යද යන්න සොයා බැලිම සදහා කැලයට ගිය වන අලියා සොයා මේ වන විට වනජිවි නිළධාරීන්ද විශේෂ මෙහෙයුමක් ආරම්භ කර තිබේ.