2026 පළමු මාස 06 තුළ පළාත් සභා මැතිවරණය පැවැත්වීමට බලාපොරොත්තු වෙනවා – බිමල් රත්නායක

පළාත් සභා මැතිවරණය ලබන වසරේ මුල් මාස 06 තුළ පැවැත්වීමට බලාපොරොත්තු වන බව අමාත්‍ය බිමල් රත්නායක පවසනවා.

ඒ සඳහා නීතිමය වශයෙන් බාධා පවතින බවත්, ඒවා ඉවත් කර ගැනීමට කටයුතු කරන බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ.

මේ අතර, නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන ඒම සම්බන්ධයෙන් රජයේ ප්‍රතිපත්තිමය තීරණයක් පවතින බවත්, පළාත් සභා ඡන්දය පවත්වා, ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ ගැන පුළුල් දේශපාලන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බවයි අමාත්‍ය බිමල් රත්නායක වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.