හිටපු නැගෙනහිර පළාත් මහ ඇමති සිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් නොහොත් පිල්ලෙයාන්ගේ ගෝලයින් හය දෙනෙකු අත් අඩංගුවට ගැනීමට නියමිත බව වාර්තා වෙනවා.
ඊට අදාළ විමර්ශන මේ වන විටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අරඹා තිබෙනවා.
මොවුන් හය දෙනා සිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් යටතේ සේවය කළ තුවක්කුකරුවන් බවයි වාර්තා වෙන්නේ.
එම සැකකරුවන්ට එරෙහිව නැගෙනහිර පළාතේ සිදු වූ පැහැරගැනීම්, අතුරුදහන්වීම් සහ වෙඩි තැබීම් සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති බවද සඳහන්.