ශ්රී ලංකා ප්රාග්ධන වෙළෙඳපොළ ඉතිහාසයේ ඓතිහාසික කඩඉමක් පසුකරමින්, අද (15) දින ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 20,000 ඉක්මවා යාමට සමත්විය.
ඒ අනුව අද දිනය තුළ ඒකක 289.69 කින් සියලු කොටස් මිල දර්ශකය ඉහළ ගිය අතර ගනුදෙනු අවසානයේ දී එය ඒකක 20,218.36 ක් ලෙසින් සටහන් විය.
අද දින රු. බිලියන 9.54ක දැවැන්ත ගනුදෙනු පිරිවැටුමක් වාර්තා වීමද විශේෂත්වයකි.