තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශයේ අයවැය යෝජනා පිළිබඳ සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යලයේදී අද(15) පැවැත්වුණා.
එහිදී මේ වසරේ අයවැය ප්‍රතිපාදන යෙදවීම පිළිබඳ සමාලෝචනය සහ ලබන වසරට අදාළ අයවැය යෝජනා පිළිබඳ සාකච්ඡා වූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.
එමෙන්ම, එහිදී තරුණ කටයුතු සහ ක්‍රීඩා ඇතුළුව සියලුම ක්ෂේත්රවල මෙතෙක් පැවති ගැටලුව සම්බන්ධයෙන් ද ජනාධිපතිවරයාගේ අවධානය යොමුව තිබෙනවා.
රට තුළ ක්‍රීඩා සංස්කෘතියක් නිර්මාණය කිරීමට අවශ්‍ය සැලැස්ම සකස් කරන ලෙස එහිදී උපදෙස් දුන් ජනාධිපතිවරයා, ක්‍රීඩාව ප්‍රවර්ධනය කිරීමේදී ක්‍රීඩා සංගම්වල දායකත්වය හැකි උපරිමයෙන් ලබා ගන්නා ලෙස ද දැනුම් දී තිබෙනවා.