සීදුව පුද්ගල ඝාතනය සම්බන්ධයෙන් 07 දෙනෙක් අත්අඩංගුවට

සීදුව, ඊරියගහළිඳ පාර ප්‍රදේශයේදී පුද්ගලයකු ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව සැකකරුවන් පස්දෙනකු සහ ඊට ආධාර අනුබල දුන් සැකකරුවන් දෙදෙනකු සීදූව පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 17, 18, 21, 25, 27 සහ 44 යන වයස්වල පසුවන සීදුව ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර, ඔවුන් අද (15) මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

පසුගිය 12 වැනිදා රාත්‍රියේ ඊරියගහළිඳ ප්‍රදේශයේදී කිසියම් පිරිසක් විසින් 40 හැවිරිදි පුද්ගලයකුට තියුණු ආයුධවලින් පහර දී තිබුණු අතර, පහරදීමෙන් බරපතළ තුවාල ලැබූ එම පුද්ගලයා මීගමුව රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගොස් තිබුණා.