රට තුළ සමලිංගිකත්ව අයිතිවාසිකම් සම්බන්ධ වැඩසටහන් මාලාවක් විදේශීය සංවිධානවල ආධාර ඇතිව ව්‍යාප්ත වෙමින් පවතින බව කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසනවා.
ඒ අනුව, එම සංවිධාන වෙත තරුණ තරුණියන් බඳවා ගැනීමේ ව්‍යාපාරයක් මේ වන විට ක්‍රියාත්මක වන බවයි උත්සවයක් අමතමින් කාදිනල් හිමිපාණන් සඳහන් කළේ.
රට තුළ විවාහය සම්බන්ධයෙන් ඇති නීතිරීති වෙනස් කර, රටේ විවාහ සංස්ථාව දෙදරා යාමේ වැඩපිළිවෙළක් වෙත රට ගෙනයාමට රහසිගතව ක්‍රියා කරමින් ඇති බවද, මෙයින් සිදුවන්නේ රටේ අනාගතය අඳුරු පරිච්ඡේදයකට යොමු වීම බවද කාදිනල් හිමිපාණන් සඳහන් කළා.
සමහර දේශපාලන පක්ෂ සහ දේශපාලන නායකයන් මේ වැඩපිළිවෙළට ආශිර්වාද කරමින් ඇති බව තමාට දැනගන්න ලැබී ඇති බවත්, තමන් මේ සම්බන්ධයෙන් අවධානය යොමු කිරීමට උත්සාහ කිරීමේදී ඔවුන්ගේ මානව හිමිකම්වලට ගෞරව නොකරන බවට ඔවුන් චෝදනා කරන බවත් උන්වහන්සේ ප්‍රකාශ කළා.
මානව හිමිකම් සම්පාදනය කර ඇත්තේ මනුෂ්‍යත්වය වෙනුවෙන් බවත්, වංචනික ක්‍රම හරහා රටේ මනුෂ්‍යත්වය වෙනස් කරන්නට කටයුතු කරන්නේ නම්, එය රටේ අනාගතය අඳුරට හෙළීමේ වැඩපිළිවෙළක් බවයි කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.