රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින්, උතුරු කොරියානු නායක කිම් ජොන් උන් සමඟ දුරකථන සංවාදයක යෙදී තිබෙනවා.
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමඟ අනිද්දා පැවැත්වීමට නියමිත හමුවට පෙර මෙලෙස රුසියානු නායකයා උතුරු කොරියානු නායකයා සමඟ සංවාදයක නිරත වීම විශේෂත්වයක්.
අනාගතයේදී රුසියානු නායකත්වය විසින් ගනු ලබන සියලු ක්‍රියාමාර්ගවලට පූර්ණ සහාය ලබා දෙන බවට උතුරු කොරියානු නායක කිම් ජොන් එහිදී පවසා තිබෙනවා.