ගම්පහ දිස්ත්රික්කයේ ප්රදේශ කිහිපයකට හෙට (14) දිනයේදී ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.
ඒ අනුව, හෙට පෙරවරු 10.00 සිට පස්වරු 8.00 දක්වා පැය 10ක කාලයක් මෙලෙස ජල සැපයුම අත්හිටුවන බවයි එම මණ්ඩලය සඳහන් කළේ.
නිට්ටඹුව, කන්දහේන, මාපගොල්ල, කෝංගස්දෙනිය, පින්නගොල්ල වත්ත, කෝලවත්ත, ගොරකදෙනිය, රණ්පොකුණගම, රණ්පොකුණගම නිවාස යෝජනා ක්රමය, බටලීය, අත්තනගල්ල, පස්යාල, ඌරාපොළ, දික්කන්ද, මිට්ටිගම්මන, මාඉඹුල, මාකලාන, හග්ගල්ල, ඇලවල, ඇල්ලමුල්ල යන ප්රදේශවලට මෙලෙස ජල සැපයුම අත්හිටුවන බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.