මුදල් වංචා කළ විදේශ රැකියා නියෝජිත සමාගමක කළමනාකරුවෙක් අත්අඩංගුවට

රුමේනියාවේ රැකියාවක් ලබාදෙන බව පවසා තරුණයෙකුගෙන් රුපියල් 945,000 ක මුදලක් වංචා කළ බවට සැකපිට, විදේශ රැකියා ඒජන්සි සමාගමක කළමනාකරුවෙක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට පත් සැකකරු විසින් රුමේනියාවේ කර්මාන්ත ශාලාවක සහායක රැකියාවක් ලබා දෙන බවට පොරොන්දු වී, 2023 වසරේ සිට තමන්ව රවටමින් අවස්ථා කිහිපයකදී මුදල් ලබාගත් බවට බණ්ඩාරවෙල ප්‍රදේශයේ පදිංචි තරුණයෙක් විසින් විදේශ සේවා නියුක්ති කාර්යාංශය වෙත පැමිණිලි කර ඇති බවයි සඳහන් වන්නේ.

ඒ අනුව, නාරාහේන්පිට පිහිටි විදේශ රැකියා ඒජන්සි ආයතනයේදී සිදු කළ වැටලීමකදී එම සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු අද (13) හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.