ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව අද කථානායකවරයාට භාරදෙයි

ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය, විශ්‍රාමික මේජර් ජෙනරාල් අරුණ ජයසේකරට එරෙහිව සමගි ජන බලවේගය ප්‍රමුඛ විපක්ෂය ඉදිරිපත් කිරීමට සූදානම් වන විශ්වාසභංග යෝජනාව අද (12) කථානායකවරයා වෙත භාරදීමට නියමිත බව පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා පවසනවා.

ඒ අනුව, එම විශ්වාසභංග යෝජනාව ඊයේ (11) කතානායකට භාර දෙන බව සමගි ජන බලවේගය මීට පෙර තීරණය කර තිබුණ ද, කතානායකවරයා අද දිනයේ වෙනත් කටයුත්තක් සඳහා සහභාගි වීම හේතුවෙන් මෙම තීරණය ගත් බවයි ඔහු ප්‍රකාශ කළේ.

පාස්කු ප්‍රහාරය සිදුවූ කාලයේදී ඔහු නැගෙනහිර පළාතේ යුද හමුදා ආඥාපති ලෙස කටයුතු කළ බවත්, ප්‍රහාරයෙන් පසුව නැවත සිදු වූ බෝම්බ පිපිරීම් පිළිබඳව වගකිවයුතු සාක්ෂි වසන් කිරීම සම්බන්ධයෙන් ඔහුට චෝදනා එල්ල වී ඇති බවත් සඳහන් වෙනවා.