මී උණ රෝගයේ ව්‍යාප්තියක්

මේ දිනවල මී උණ රෝගයේ ව්‍යාප්තියක් දක්නට ලැබෙන බව, සෞඛ්‍ය බලධාරීන් පවසනවා.

සෞඛ්‍ය අංශ මවුපියන්ගෙන් ඉල්ලා සිටින්නේ, සරුංගල් වාරය ආරම්භ වීමත් සමග කුඹුරු යායවල සරුංගල් යැවීමේදී දරුවන් මී උණ රෝගයට ගොදුරු විය හැකි බැවින් ඒ පිළිබඳව විමසිලිමත් වන ලෙසයි.

අගෝස්තු පාසැල් නිවාඩුවත් සමග සරුංගල් වාරය ආරම්භ වන අතර කුඩා දරුවන් බොහෝ දෙනා සරුංගල් යැවීමට දක්වන්නේ දැඩි රුචියක්.

මේ දිනවල දරුවන් බෙහෝ දෙනෙකු කුඹුරු යායවල සරුංගල් යවන අතර මේ දිනවල මී උණ රෝගයේ ව්‍යාප්තියක් ද දක්නට ඇති බව සෞඛ්‍ය බලධාරීන් පවසනවා.

ඒ හේතුවෙන් කුඹුරු යායවල හා මඩ සහිත බිම් ආශ්‍රිතව සරුංගල් යැවීමේදී දරුවන් මී උණ රෝගයට ගොදුරුවිය හැකි අතර, සෞඛ්‍ය බලධාරීන් මවුපියන්ගෙන් ඉල්ලා සිටින්නේ, ඒ සම්බන්ධයෙන් සැළකිලිමත් වන ලෙසයි.