හබරාදුව, පීල්ලගොඩ වෙරළ උද්‍යානය නැරඹීමට පැමිණෙන සංචාරකයන්ගේ වාහන ගාල් කිරීමට නීතිවිරෝධීව මුදල් අය කළ පුද්ගලයන් තිදෙනෙක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඔවුන් හබරාදුව ප්‍රාදේශීය සභාවේ නිලධාරීන් ලෙස පෙනී සිටිමින් මෙලෙස වාහනවලින් මුදල් අය කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
බස් රථයක් ගාල් කිරීම සඳහා රුපියල් 1,500ක මුදලක්ද, කාර්, වෑන් ඇතුළු අනෙකුත් වාහන ගාල් කිරීමට රුපියල් 1,000ක්ද අය කර ඇති බව පොලිසිය සිදු කළ මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.
අත්අඩංගුවට ගත් සැකකරුවන්ගේ වයස අවුරුදු 34, 35 සහ 41 වන අතර, ඔවුන් අද (11) ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.