ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට අද පැය 10ක ජල කප්පාදුවක්

පිරිසුදු කිරීමේ හා විෂබීජහරණය කිරීමේ කටයුතු හේතුවෙන්, ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට අද (11) පැය 10ක ජල කප්පාදුවක් සිදු කරන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.

ඒ අනුව, අද පෙරවරු 10:00 සිට පස්වරු 8:00 දක්වා වූ පැය 10ක කාලයක් සඳහා, රණ්පොකුණගම, බටලිය, අත්තනගල්ල, පස්යාල සහ නිට්ටඹුව යන කලාපවලට ජල සැපයුම අත්හිටුවීමට නියමිත බවයි එම මණ්ඩලය සඳහන් කළේ.

එසේම, මේ හේතුවෙන් නිට්ටඹුව, කන්දහේන, මාපගොල්ල, කෝංගස්දෙනිය, පින්නගොල්ලවත්ත, කෝලවත්ත, ගොරකදෙනිය, රණ්පොකුණගම, රන්පොකුණගම නිවාස යෝජනා ක්‍රමය, බටලීය, අත්තනගල්ල, පස්යාල, ඌරාපොළ, දික්කන්ද, මිවිටිගම්මන, මාඉඹුල, මාතලාන, හග්ගල්ල, අලවල, කලල්පිටිය, ඇල්ලමුල්ල යන ප්‍රදේශ සඳහාද ජල සැපයුම විසන්ධි වන බවයි එම මණ්ඩලය වැඩිදුරටත් ප්‍රකාශ කළේ.