අද පැවැත්වීමට නියමිතව තිබූ GMOA දීප ව්‍යාප්ත වර්ජනය අත්හිටුවයි

ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින්, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද (11) ක්‍රියාත්මක කිරීමට තිබූ දීප ව්‍යාප්ත වර්ජනයක් අත්හිටුවීමට තීරණය කර තිබෙනවා.

සෞඛ්‍ය අමාත්‍යවරයා සමඟ පැවති සාකච්ඡාවේදී ලැබුණු ධනාත්මක සහ සාධනීය ප්‍රතිචාර සලකා බලමින් මෙලෙස දීප ව්‍යාප්ත වැඩවර්ජනය අත්හිටවූ බවයි එම සංගමය සඳහන් කළේ.

වෛද්‍යවරුන්ගේ ස්ථාන මාරු කිරීම් ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් මෙම වර්ජනය ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබුණා.