අමෙරිකාවේ නිව්යෝර්ක් නගරයේ, ටයිම්ස් චතුරශ්‍රයේ සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයින් තිදෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.
වෙඩි තැබීම සම්බන්ධයෙන් එක් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇති බවද සඳහන්.
තුවාල ලබා රෝහල්ගත කළ පිරිසගේ තත්ත්වය එතරම් දරුණු නොවන බවද විදෙස් මාධ්‍ය පවසනවා.
මෙම වෙඩි තැබීම එරට වේලාවෙන් අලුයම 1:20ට පමණ සිදුව ඇති අතර වෙඩිතැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බවද විදෙස් මාධ්‍යවල සඳහන්.