මතුගමින් අනුරාධපුර වන්දනාවේ ගිය වෑන් රිය කරණම් ගසයි

මතුගම සිට අනුරාධපුරයේ වන්දනාවේ පැමිණි වෑන් රථයක් අනුරාධපුර ගල්කුලම, ගල්වඩුවාගම ප්‍රදේශයේදී අනතුරකට ලක්ව එම වෑන් රථයේ ගමන් ගත් හය දෙනකු තුවාල ලබා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබේ. අනතුර සිදු වන අවස්ථාවේදී මෙම වෑන් රථයේ අට දෙනකු ගමන් කරමින් සිට ඇති අතර, එහි රියැදුරු ඇතුළු හය දෙනකු මෙසේ තුවාල ලබා රෝහල් ගත කර ඇත. වෑන් රථයේ පිටුපස රෝදයක් අනතුරට පත් වීමෙන් එම වෑන් රථය විරුද්ධ දිශාවට ගමන් කර පෙරළී ගොස් මෙම අනතුර සිදුව ඇති බව තිරප්පනය පොලීසිය පවසයි. අනතුර සම්බන්ධයෙන් තිරප්පනය පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.