හෙට කළුතර ප්‍රදේශ කිහිපයකට පැය 12 ක ජල කප්පාදුවක්

කළුතර ජල සම්පාදන ක්‍රමයේ අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් කළුතර ප්‍රදේශ කිහිපයකට හෙට (05) දිනයේ පැය 12 ක ජල කප්පාදුවක් සිදුකරන බව ජාතික ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය පවසනවා.

ඒ අනුව, හෙට පෙරවරු 10.00 සිට රාත්‍රී 10.00 දක්වා වූ කාලය තුළ මෙලෙස ජල සැපයුම අත්හිටුවීමට නියමිත බවයි එම මණ්ඩලය සඳහන් කළේ.

කළුතර දකුණ, කළුතර උතුර, නාගොඩ, වස්කඩුව, පොතුපිටිය, වාද්දු​ව යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවීමට නියමිත බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.