දළදා මාලිගාවට ආදිවාසීන්ගෙන් මී පැණි පූජාව අද

දඹානේ ආදි­වා­සීන් දළදා වහන්සේ උදෙසා වාර්ෂි­කව පව­ත්වනු ලබන මී පැණි පූජාව අද (04) ශ්‍රී දළදා මාලි­ගා­වේදී සිදු කෙරෙයි. සෑම වස­ර­කම පළමු රන්දෝලි පෙර­හර දින වැදි ප්‍රජාව දළදා වහන්සේ උදෙසා මී පැණි පූජා කිරීම පෞරා­ණි­කව පැවත එන චාරි­ත්‍ර­යකි.

වැදි නායක ඌරු­ව­රිගේ වන්නි­යලැ ඇත්තෝ ප්‍රමුඛ 40 දෙන­කු­ගෙන් පමණ සම­න්විත වැදි කණ්ඩා­ය­මක් මී පැණි පූජාව සඳහා පැමි­ණෙති.

මී පැණි පූජා­වෙන් අන­තු­රුව වැදි නාය­කයා මල්වතු අස්ගිරි උභය මහා විහා­රීය මහා­නා­යක ස්වාමි­න්ද්‍ර­යන් වහන්සේ දෙනම බැහැ­දැක ආශි­ර්වාද ලබා ගැනී­මෙන් පසු ශ්‍රී දළදා මාලි­ගාවේ ඓති­හා­සික මහ­ම­ළුවේ සිට පළමු රන්දෝලි පෙර­හර නැර­ඹී­මට නිය­මි­තය.

පළමු රන්දෝලි පෙර­හර අද රාත්‍රී 6.52ට නැඟෙ­න­හිර දිශා­භි­මු­ඛව දළදා මන්දි­රය ඉදිරි පිටින් ගමන් ආරම්භ කිරී­මට නිය­මි­තය. දළදා වීදිය, ඩී.එස්. සේනා­නා­යක වීදිය, පන්සල පාර, දේව වීදිය, කොළඹ වීදිය, ඊ.එල්. සේන­නා­නා­යක වීදිය, හරස් වීදිය, ඩී.එස්. සේනා­නා­යක වීදිය ඔස්සේ ගමන් ගන්නා පෙර­හර රජ වීදි­යෙන් ඉහ­ළට විත් ගෙවැ­දී­මට නිය­මි­තය.

අසේල කුරුළුවංශ, මධ්‍යම පළාත් සමූහ