පෞද්ග­ලික බැංකු ලොක්කෙක් අත්අ­ඩං­ගු­වට

මෙරට පිහිටි ප්‍රසිද්ධ ටයිල් සමා­ග­මක් විසින් රුපි­යල් කෝටි 15කට ආසන්න ණය මුද­ලක් ලබා­ගත් ආකා­ර­යට ණය මුද­ලක් අනු­මත කර එම ණය මුදල වෙනත් බැංකු ගිණු­ම­කට බැර­ක­ර­මින් සිදු කළ වංචා­වක් සම්බ­න්ධ­යෙන් පෞද්ග­ලික බැංකු­වක පාරි­භෝ­ගික සම්බ­න්ධතා කළ­ම­නා­කරු අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුවේ මූල්‍ය විම­ර්ශන අංශයේ නිල­ධා­රීන් විසින් සැක­පිට අත්අ­ඩං­ගු­වට ගනු ලැබීය.

කොල්ලු­පි­ටියේ පිහිටි බැංකු ශාඛාව තුළ මෙම වංචාව සිදුව ඇති අතර එම වංචාවේ ප්‍රමා­ණය රුපි­යල් 148,842,839.56ක් වන බව අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව සඳ­හන් කරයි. අදාළ ටයිල් සමා­ගම විසින් කළ පැමි­ණි­ල්ල­කට අනුව අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව විසින් මේ සම්බ­න්ධ­යෙන් විම­ර්ශන ආරම්භ කර­මින් සැක­කරු අත්අ­ඩං­ගු­වට ගෙන ඇත්තේ පසු­ගිය 01 වැනි­දාය.

අදාළ බැංකුවේ ගනු-දෙනු­කාර සමා­ග­මක් වන ටයිල් සමා­ගම විසින් මෙම ණය මුදල ලබා­ගත් බවට ව්‍යාජ ලේඛන සකස් කර­මින් වංචාව සිදු­කර ඇති බව විම­ර්ශ­නයේ දී අනා­ව­ර­ණය වී තිබේ. අත්අ­ඩං­ගු­වට ගත් බැංකුවේ පාරි­භෝ­ගික සම්බ­න්ධතා කළ­ම­නා­කරු රාජ­ගි­රිය ප්‍රදේ­ශයේ පදිංචි 49 හැවි­රිදි වියේ පසු­ව­න්නෙකි. මේ ආකා­රයේ තවත් වංචා බැංකුව තුළ සිදුව තිබේ­දැයි සොයා අදාළ බැංකුව විසින් අභ්‍ය­න්තර විග­ණ­න­යක්ද ආරම්භ කර ඇති බව අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුවේ උසස් නිල­ධා­රි­යෙක් පැවැ­සීය.

ගයාන් කුමාර වීර­සිංහ