අධිකරණ නියෝග මත විනාශ කිරීමට ගෙනා විදෙස් මත්පැන් බෝතල්වල පල් වතුර හා තේ කහට

පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කළ විදේශීය මත්පැන් බෝතල් තොගයක් අධිකරණ නියෝග අනුව විනාශ කරන අවස්ථාවේදී පල් වතුර සහ තේ කහට බවට පත් කළේ කවුරුන්ද? යන්න අනාවරණය කර ගැනීම සඳහා රජයේ රස පරීක්ෂකවරයාගෙන් වාර්තාවක් කැඳවන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලී ජයතුංග අද (01) කොළඹ අපරාධ කොට්ඨාසයට නියෝග කළා.

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණ නඩු බඩු කාමරයේ ගබඩා කර තිබූ විදේශීය මත්පැන් බෝතල් 81ක් සහ බියර් බෝතල් 150ක් මෙසේ රජයේ රස පරීක්ෂකවරයාට යොමු කිරීමටයි නියෝග කළේ.

පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ අදාල මත්පැන් තොගය විනාශ කරන ලෙසට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසන් අමරසේන පසුගිය පෙබරවාරි 17 දින නියෝග කර තිබුණා.

මත්පැන් තොගය විනාශ කිරීමේදී ඒවා සැබෑ මත්පැන් නොවන බවට මහේස්ත්‍රාත්වරයා විසින් නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව ,බෝතල් වලට යළි සීල් තබා අධිකරණ නඩුබඩු කාමරයේ ගබඩා කරන ලෙසට නියෝග කර තිබුණා.

මත්පැන් තොගය පල් වතුර හා තේ වතුර බවට පත්කළේ කළේ කවුරුන්ද යන්න ගැන වහාම විමර්ශනයක් ආරම්භ කරන ලෙස මහේස්ත්‍රාත්වරයා විසින්ක නියෝග කර තිබුණා.

ඒ අනුව අදාල බෝතල් රජයේ රස පරීක්ෂකවරයා ඇමතිවරු කර න්න වාර්තාවක් කැඳවීමට අවසර දෙන ලෙස පොලිසිය කළ ඉල්ලීම පිළිගත් මහේස්ත්‍රාත්වරයා අනතුරුව මෙම නියෝග නිකුත් කළා.