කොස්ගොඩ වෙඩි තැබීමට පැමිණි යතුරුපැදිය සොයා ගැනේ

කොස්ගොඩ ප්‍රදේශයේ අද (31) උදෑසන සිදුවූ වෙඩි තැබීමේ සිදුවීමට අදාළව යතුරුපැදිකරුවන් පැමිණි යතුරුපැදිය පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.

ඒ අනුව, වෙඩි තැබීම සිදුවූ ස්ථානයේ සිට කිලෝමීටර 06 ක් පමණ දුරින්, කොස්ගොඩ අතුරුවැල්ල පාලම අසලදී ගඟට පෙරළා දමා තිබියදී එම යතුරුපැදිය සොයාගෙන ඇති බවයි සඳහන් වන්නේ.

අද (31) අලුයම 5.15 ට පමණ යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනෙක් විසින් සිදුකළ වෙඩි තැබීමකින් 23 හැවිරිදි තරුණයෙක් මියගොස් තිබුණා.

සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට විමර්ශන ආරම්භ කර තිබෙනවා.