අධික වේගයෙන් ධාවනය වූ ත්රීරෝද රථයක් ඊයේ (29) මාර්ගයෙන් ඉවතට පැන අඩි 100ක පමණ ප්රපාතයකට පෙරලීමෙන් එම ත්රීරෝද රථයේ ගමන් ගත් රියදුරා සහ පසුපස අසුනේ ගමන් ගත් තරුණයන් තිදෙනෙකු බරපතල ලෙස තුවාල ලබා තිබෙනවා.
ඒ ලිදුල පොලිස් වසමට අයත් මෙරායා ඌවකැලේ වත්තේ ඉහල කොටස ප්රදේශයේදීය.
එක් තුවාලකරුවෙකුගේ සුශුම්නාවට හානි සිදු වීම නිසා එම තුවාලකරු නුවරඑළිය දිස්ත්රික් මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්රතිකාර ලබන බව ලිදුල පොලීසිය පවසනවා.
අධික ලෙස බීමත්ව සිටි රියදුරා ඇතුලු ඔහුගේ මිතුරන් තිදෙනා එම වතුයායේ සිට ලිදුල මෙරායා නගරය දක්වා ත්රීරෝද රථය අධික වේගයෙන් ධාවනය කරවන අවස්ථාවේ ත්රීරෝද රථයේ වේගය පාලනය කර ගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන ඇති බවයි වාර්තා වන්නේ.
අනතුරින් ත්රීරෝද රථයටද දැඩි අලාභ හානි සිදු වී ඇති බව අනතුර පිළිබඳ පරීක්ෂණ පවත්වන ලිදුල පොලිසිය සඳහන් කරනවා.