දේශබන්දු ගොනුකළ ඇප අයැදුමක් පිළිබඳ නියෝගය ලබා දීමට දින නියම කෙරේ

දේශබන්දු තෙන්නකෝන් ගොනුකළ අපේක්ෂිත ඇප අයැදුමක් පිළිබඳ නියෝගය අගෝස්තු 05 වැනිදා ලබාදීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් නියෝග කර තිබෙනවා.

අරගල සමයේ නඩුවකට අදාළව තමා අත්අඩංගුවට ගැනීම වළක්වන ලෙස දේශබන්දු තෙන්නකෝන් විසින් ගොනුකර තිබූ ඇප අයැදුමක් සලකා බැලීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

විශේෂ පොලිස් විමර්ශන ඒකකයේ ස්ථානාධිපතිවරයාට එදිනට අධිකරණයේ පෙනී සිටින ලෙසට නොතීසි නිකුත් කර ඇති අතර, අපේක්ෂිත ඇප ඉල්ලීම සම්බන්ධයෙන් විරෝධතා ඇත්නම් එදිනට ගොනුකරන ලෙස මහේස්ත්‍රාත්වරිය විසින් පොලිස් ස්ථානාධිපතිවරයාට නියෝග කර තිබෙනවා.