හික්කඩුව සිට මරදාන බලා ධාවනය වෙමින් තිබූ දුම්රියක ඇතිවූ යාන්ත්‍රික දෝෂයක් හේතුවෙන් අම්බලන්ගොඩ දුම්රිය ස්ථානය ආසන්නයේදී වෙරළබඩ දුම්රිය මාර්ගයේ සේවා කටයුතු සම්පූර්ණයෙන්ම ඇනහිට ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.
අද (28) උදෑසන මෙම සිදුවීම වාර්තා වී ඇති අතර, දෝෂයට ලක්වූ දුම්රිය ඉවත් කර මාර්ගය යථා තත්ත්වයට පත්කිරීමට අවශ්‍ය කටයුතු මේ වන විට සිදුකෙරෙමින් පවතින බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
මේ හේතුවෙන්, වෙරළබඩ මාර්ගයේ දුම්රිය ධාවනය අඩාල වී තිබෙනවා